UPDATE : මිරිහාන සිද්ධිය… අත්අඩංගුවට ගත් පිරිස 54 තෙක් ඉහළට… තවත් පිරසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි
මිරිහාන ඇඹුල්දෙණිය පාරේ ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවයට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 54 තෙක් ඉහළ තිබේ.
විරෝධතාවය අතරතුර බස් රථ සහ වාහන රැසකට පහර දී ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට මෙ පුද්ගලයන් 54 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.
UPDATE : මිරිහාන සිද්ධිය… අත්අඩංගුවට ගත් පිරිස 54 තෙක් ඉහළට… තවත් පිරසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි
2022-04-01T12:41:00+05:30
Gossip Lanka Hot News





