ජනපති, අගමැති අවුරුදු කෑවද?
මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය.
මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා අවුරුදු චාරිත්‍ර ඉටු කරන ආකාරය සජීවීව විකාශනය කිරීමට රූපවාහිනි නාලිකා ගණනාවක්ම කටයුතු කරන ලදී.
මෙවරද ජාතික රූපවාහිනිය විසින් කාල්ටන් නිවසේ (අග්‍රාමාත්‍ය නිවස) අවුරුදු චාරිත්‍ර විකාශය කිරීමට පෙර සූදානමක් තිබුණද ජනපති හා අග්‍රාමාත්‍යවරයාට එල්ලව ඇති බරපතල ජන අප්‍රසාදය හේතුවෙන් ඒවා අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඉහත පින්තූරය පෙර අවුරුද්දක අවුරුදු චාරිත්‍ර ඉටු කළ අවස්ථාවකි.
ජනපති, අගමැති අවුරුදු කෑවද?
2022-04-14T12:32:00+05:30
Gossip Lanka Hot News





