ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දීමට පෙර හදිසියේම පාර්ලිමේන්තුව කල් තැබීමට රජය කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.
ඒ අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම හෝ කල්තැබීම කරනු ඇති බව මේ ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි කිරීම සඳහා විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ දහයක නායකයින් හා ක්‍රියාකාරීන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් සිටින අතර මේ වැඩපිළිවෙළට ලබන සතියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එක්වන බව පක්ෂ දහය වෙත දැනටමත් දැනුම් දී ඇති බව පැවසේ.
පක්ෂ 11ට අමතරව ඔවුන් සමග එකඟවන බවට මේ වනවිට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කණ්ඩායමක් දැනුම් දී ඇත.
මේ සියලු කණ්ඩායම්වල සහයෝගය ලබාගෙන විශ්වාසභංගය කඩිනමින් ගෙනඒමට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම පියවර ගෙන තිබේ.
මේ තත්ත්වය මත පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට අහිමිවනු ඇතැයි යන විශ්වාසය මත පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හෝ කල් තැබීමට රජය කටයුතු කරමින් සිටින බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
-lankasara
