gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මහානායක හාමුදුරුවනේ… පාලකයින් ගෝල්ෆේස් ලේ විලක් කිරීමට පෙර ඊලඟ පියවරට යන්න….“ - ඕමල්පේ සෝබිත හිමියෝ ඉල්ලා සිටිති

ගෝල්ෆේස් හි ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමාකාමී අරගලයක නිරතව සිටින පිරිස කුපිත කරවා ඒ ස්ථානය ලේ විලක් බවට පත් කිරීමට බලධාරීන් විවිධ කණ්ඩායම් යොදා ගනිමින් සිටින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර් පූජ්‍ය ඕමල්පේ සෝබිත   හිමියෝ කියති.

සාමාකාමී ජන අරගලය විනාශ කිරීමට හෝ ඊට භීෂණය එකතු කිරීමට බලධාරීන් දරන සියලු උත්සාහයන් වහාම හකුලා ගන්නා ලෙස තමන්වහන්සේ  බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ පවසති.

ආණ්ඩුවක් නොමැතිව දේශපාලන බලය බලහත්කාරයෙන් පවත්වාගෙන යෑමට උත්සාහ දරමින් සිටින පාලකයින් සැබෑ ජන මතය දැක වියරු වැටී සිටින බව උන්වහන්සේ  අවධාරණය කරති.

පාලකයින් කොපමණ අකාරුණිකද කියනවා නම් මහානායක හිමිවරුන්ගේ මතයට කිසිදු සැලකිල්ලක් දක්වා නැති බවට උන්වහන්සේ චොදනා කරති.

මෙවැනි පසුබිමක තවදුරටත් ඉවසා වදාරමින් නොසිට මහා නායක හිමිවරු ඊලඟ පියවරට වහාම යොමු විය යුතු බවත් තවදුරටත් එම පියවර ප්‍රමාද නොකරන ලෙසත් සෝබිත හිමියෝ වැඩිදුරත් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka