‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්... ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්? (VIDEO)
ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සූදානමකින් කඩවත ප්‍රදේශයේ හමුදා කඳවුරක් තුල පුහුණුවීමක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.
එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ අදාළ හමුදා කදවුර තුළ විරෝධතාවයේ පුහුණුවීම් සිදු කරන්නේ දැනට ගාලු මෝදර පිටියේ විරෝධතාකරුවන් විසින් හඬගා කියන සටන් පාඨ කියමින් බවයි.
මෙම පිරිස් පුහුණුවෙන් පසු ගාලු මුවදොර පිටියේ විරෝධතා කරුවන්ට පහර දීමේ සූදානමක් ඇතැයි සැක මතුවන බවද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රකාශයක් සිදුකල යුතුය ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේ එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.
‘Go home Gota’ කියමින් හමුදා කදවුරක විරෝධතා පුහුණුවක්... ගෝල්ෆේස් විරෝධයට පහර දෙන්න සූදානමක්? (VIDEO)
2022-04-16T10:08:00+05:30
Gossip Lanka Hot News






