ජනතා විරෝධයට වංගුවක්… නාමල්, ශෂීන්ද්‍ර, චමල්, බැසිල්, මහින්දානන්ද, ලොකුගේ නැති කැබිනට් මණ්ඩලයක්!
පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබලයින් කීප දෙනෙකුට නව කැබිනට් මණ්ඩලයේ තනතුරු අහිමි වී ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.
ගාමිණී ලොකුගේ, චමල් රාජපක්ෂ, ෂශීන්ද්‍ර රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු ඇමතිවරු කීප දෙනෙක් ඒ අතර වන බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කළේය.
කෙසේ වුවද පවතින තත්වය සැලකිල්ලට ගෙන ස්වකැමැත්තෙන්ම ඇමති ධුර භාර නොගත් බවට ප්‍රචාරයක් දියත් කරමින් තිබේ.
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී හිටපු ඇමතිවරු දැරු ඇමති ධුරවල ද විෂය පථය වෙනස් කර ඇත.
එමෙන්ම රාජ්‍ය ඇමති ධුර දැරූ කිහිප දෙනෙකුට කැබිනට් ඇමති ධුර ලබාදී .තිබෙන අතර මෙවර ඇමති මණ්ඩලයේ සැලකිය යුතු පිරිසක් තරුණයින් වීම විශේෂත්වයක් බව පැවසේ.
-ලංකාසර
ජනතා විරෝධයට වංගුවක්… නාමල්, ශෂීන්ද්‍ර, චමල්, බැසිල්, මහින්දානන්ද, ලොකුගේ නැති කැබිනට් මණ්ඩලයක්!
2022-04-16T12:16:00+05:30
Gossip Lanka Hot News






