මිරිහාන ජනාධිපතිවරයාගේ නිවස වටකළ උද්ඝෝෂණය සඳහා ඇවන්ගාඩ් සභාපති පවුල් පිටින් 200ක් බැස්සවූ බව ඔහු ප්‍රකාශ කර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පාරලිමේන්තුවේ දී කීවේය.
ඔහු පැවසුවේ මෙම උද්ඝෝෂණය ඇවිලෙන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා ඇති බවය.
එම රැස්වීමට නිශ්ශංක සේනාධිපතිත් සහභාගී වී ඇති අතර එහිදී ඔහු ආරක්ෂක ලේකම්වරයාට සහතියක් දී කිසිම දේකට බිය නොවන ලෙසත් තමන් “පවුල් පිටින් 200ක් උද්ඝොෂණයට බස්සා ඇති බව වගකීමකින් යුතුව පවසන බව“ත් කියා ඇතැයි විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.
