gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය රාජපක්ෂට එරෙහි විශ්වාසභංග යෝජනාව - සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලකර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නමුත් සමගි ජන බලවේගයේ නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම යෝජනාව එකහෙලා ප්‍රතික්ෂේප කර ඇත. තමන් හට මේ වන විට පාර්ලිමේන්තුවේ ඒ සඳහා බහුතර බලය නොමැති නිසාත් මේ මෙහොතේ එයට අවශ්‍ය සහයෝගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමට හැකියාවක් නොමැති නිසාත් එම දෝෂාභියෝග යෝජනාව සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ලැබිණි.

තවද මෙමගින් සිදුවන්නේ මැතිවරණයකට යා නොහැකි වීමත් ජනාධිපති තවත් ශක්තිමත්වන බවත්ය. නමුත් දිගින් දිගටම මනූෂ සහ හරීන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට මෙයට එකඟ වන ලෙස බලපෑම් කර ඇති බව දැනගන්නට ලැබිණි.

මෙයින් වන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කල්ලි දෙකකට බෙදී දෝෂාභියෝගයට පක්ෂව සහ විපක්ෂයව සිටින බවත් තමන් හට පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ මොහොතේ නොමැති බැවින් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් නොකරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම පවසා ඇත.

– Repoter


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka