gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive : ජනාධිපති මන්දිරය අසළ ගොඩනැගිල්ලකට හමුදා භටයින් 750 ක් ගෙනත් දාලා (VIDEO)

දැනට සතියක කාලයක පටන් ජනාධිපති මන්දිරය අසළ ඇති මහල් 6 ක ගොඩනැගිල්ලක යුද හමුදා භටයින් රැසක් ගෙනවිත් ලැගුම්ගන්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා. ගාල්ල, මාතර, මතුගම, පැලවත්ත යනාදී යුද හමුදා කදවුරු රැසක හමුදා භටයින් මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි පැවසෙන්නේ.

12 වන සිංහ රෙජිමේන්තුවේ පමණක් සෙබළුන් 250 ක් පමණ මෙම ස්ථානයේ ලැගුම්ගෙන සිටිනවා.

තමන් මෙහි රැගෙන ආවේ කුමන හේතුවකටදැයි හමුදා භටයින් නොදන්නා බවත්, ගෝල්ෆේස් අරගල භූමිය තුළ යම්කිසි කළබලකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සහයක් පවතින්නේදැයි තමන්ට සැකයක් පවතින බවත් ඔවුන් සඳහන් කරනවා.

එහි මූලික අදියරක් ලෙස පෙරේදා (27) දිනයේ මාධ්‍යවේදීන්ගේ රැව සහිත බැනර් කපා දමා අරගලකරුවන් ප්‍රකෝප කිරීමේ වෑයමක් ක්‍රියාත්මක වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් ඊට යුද හමුදා සෙබලුන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔවුන් සඳහන් කළා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අවසරයෙන් මෙම ගොඩනැගිල්ල තුළ හමුදා හා පොලිස් භට පිරිස මෙලෙස ගෙනැවිත් දමා ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඔවුන්ට මෙම ස්ථානයේ කිසිදු පහසුකමක් නොමැති අතර සියලු දෙනාම බිම නිදාගන්නා අයුරු වීඩියෝ පටවල දැක්වෙනවා.

වැසිකිළි කැසිකිළි පහසුකම් හෝ ස්නානය කිරීමට පවා පහසුකම් නොමැති අතර ආණ්ඩුවේ අර්බුද නිසාවෙන් ආරක්ෂක අංශයේ විශාල පිරිසක් මෙම ස්ථානයේ අනේකවිද දුක් විදිමින් සිටිනවා.

-News19
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka