gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලුම ආනයනවලට අවශ්‍ය මුදල් බැංකුවලින් පමණයි – මහ බැංකු අධිපති කියයි

සියලුම ද්‍රව්‍ය ආනයනයේදී මෙරටින් යවන මුදල් බැංකු පද්ධතිය තුළින්ම පමණක් යැවීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ආනයන සහ අපනයන පාලක දෙපාර්තමේන්තුව  හරහා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය  පියවර ගෙන ඇති බවත් ඒ අනුව මෙතෙක් ආනයන සඳහා බැංකු පද්ධතියට පිටින්  මුදල් යැවීමට තිබූ හැකියාව නැති වන අතර මෙම පියවර ගැනීමේ අරමුණ නීති විරෝධී මාර්ගවලින් ඩොලර් ගනුදෙනු සිදුවීම අධෛර්ය  කිරීම බවත් මහ බැංකු අධිපතිවරයා අද (29)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

දැනට විවිධ ආනයන සඳහා බැංකු පද්ධතියට පිටින් මුදල් ගෙවීමට ඇති විවෘත ගිණුම් ක්‍රමය (Open Account)  භාවිතා කරමින් බාහිර වෙළෙඳපොන් ලබා ගන්නා ඩොලර්  හරහා විවිධ ආනයන සිදු කෙරෙන නමුත් නව ගැසට් නිවේදනය අනුව ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී එය රේගුවෙන් නිදහස් කර ගැනීමට මෙම බැංකු පද්ධතිය හරහා ඩොලර් යැවූ බවටවන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව ද මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ  සඳහන් කළේය.

“දැනට භාණ්ඩ ආනයනයේදී එම භාණ්ඩ අපනයනය කරන පුද්ගලයාට මුදල් ගෙවීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා . විවෘත ගිණුම් ක්‍රමය එකක්. මේ වනවිට රටේ බැංකු පද්ධතිය තුළ පවතින ඩොලර් හිඟය නිසා බොහෝ ආනයනකරුවන්ට බැංකු පද්ධතියෙන් මුදල් ලබා ගැනීම අසීරු වී තිබෙනවා. ඒ නිසා ඔවුන් තම ව්‍යාපාරය ගෙන යාම සඳහා උණ්ඩියල් හවාලා වැනි ක්‍රම හරහා හෝ පිටත වෙළෙඳපොලේ වැඩි මිලක් ගෙවා ලබා ගන්නා ඩොලර් වැය කරනවා.  මෙය තුළ අවිධිමත් වෙළෙඳ ක්‍රමයක් කළුකඩ ක්‍රමයක් ගොඩ නැගී තිබෙනවා.“

“මේ විදිහට බැංකු පද්ධතිය හරහා නොයන මුදල් අපට බැංකු පද්ධතිය තුළට ඇතුළු කර ගැනීමට අවශ්‍යයි. මේ නිසා ණයවර ලිපි, ඩීඒ සහ ඩී.පී (D.A & D.P) ක්‍රම හරහා බංකු පද්ධතිය තුළින් අදාළ ආනයන මුදල් යැවීම අනිවාර්ය කිරීමට කටයුතු කළා. “

“කොහොම වුණත් දැනට ඇණවුම් කරන ලද ආනයන සඳහා යම් සහන කාල සීමාවක් ලබා දේවි. එයින් පසුව සෑම ආනයන භාණ්ඩයක්ම රේගුවෙන් නිදහස් කර ගැනීමේදී අදාළ මුදල ගෙවීමේ ආකාරය රේගුවට සනාථ කළ යුතු වනවා.“

“දැනට බැංකු පද්ධතිය තුළ ඩොලරයට ඉතා හොඳ වෙළෙඳපොළ අගයක් හිමිව ඇති බවත් මේ තත්ත්වය තුළ අනවශ්‍ය ලෙස නීති විරෝධී ක්‍රම හරහා මුදල් එවීමේ අවශ්‍යතාවක් නැති බවත් පවසන මහ බැංකු අධිපතිවරයා මෙම රෙගුලාසි පැනවීමේ අරමුණද   බාහිර වෙළෙඳපොළ තුළ ඩොලර් සඳහා පවතින ඉල්ලුම අඩාල කිරීම බව එහිදි ප්‍රකාශ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka