අගමැති අස් නොවන්නේ නම් පකිස්තානයේ මෙන් පන්නා දමනු - මල්වතු විහාරයෙන් දැනුම් දෙයි!
අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීම සදහා අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව අනුව ඉල්ලා අස්විය යුතු බව සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ කියා සිටිති.
එසේ ඉවත් නොවන්නේ නම් පකිස්තානය ආකාරයේ විශ්වාස බංග යෝජනාවකින් ඉවත් කළ යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
ආණ්ඩුවෙන් ස්වාධීන වන බවට දැනටමත් දැනුම් දී තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දසදෙනෙකු අස්ගිරි මල්වතු මහනාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන් වහන්සේ මේ අදහස් පල කරන ලදී.
අගමැති අස් නොවන්නේ නම් පකිස්තානයේ මෙන් පන්නා දමනු - මල්වතු විහාරයෙන් දැනුම් දෙයි!
2022-04-30T06:36:00+05:30
Gossip Lanka Hot News





