gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටේම මහා විරෝධය දැල්වෙයි… අරගලකරුවෝ සාමකාමී තීන්දුවක් ගන්න ජනපතිට අගමැතිට සතියක් කල් දෙති!

අද සමස්ථ වර්ජනය අතිශය සාර්ථක බව  වෘත්තීය සමිති නායකයෝ පවසති. උතුරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව තෙක් එක පැහැර මෙම විරෝධතා රැල්ල ක්‍රියාත්මක වූ බව  ඔවුහු පෙන්වා දෙති.

උතුරේ පේදුරුතුඩුවේ සිට දකුණේ දෙවුන්දරතුඩුව දක්වා සියලු වෘත්තිකයින් හා වැඩකරන ජනතාව නියෝජනය කරන සක්‍රීයම වෘත්තීය සමිති දහසකට වඩා එක්ව සංවිධානය වුණු  මෙම විරෝධතාවය රජයට සන්නිවේදනය කළ කාරණාව පිළිබඳ බරපතල ලෙස කල්පනා කළ යුතු බව ඔවුහු කීහ.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් කොටුව දුම්රියපල අසලට පැවැත්වූ වැඩකරන ජන රැලියට දස දහස් ජන පිරිසක් එක් වී සිටි බව   වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.

එම විරෝධතාවයේ දී  රැස්ව සිටි පිරිස ඇමතූ  රවී කුමුදේශ්  කියා සිටියේ සාමකාමී තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට සතියක කාලයක් ලබා දෙන බවය.

දින 7ක් ඇතුළත ජන අරගලයේ අපේක්ෂාවන් ඉටු කිරීමට රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු නොකලහොත්,  ජනාධිපතිවරයා සිය තනතුර අත් හරින තුරු අඛණ්ඩ අරගලයක් ආරම්භ කරන බව ඔහු අවධාරණය කලේය.

“රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රකාශ අද වෙන විට විහිළුවක් වෙලා. එයා කියනවා එයාට තාම පුළුවන්ලු. හොදට දුවන්න පුළුවන් කියන රාජපක්ෂ අගමැතිවරයාට අපිට කියන්නේ,

දුවන්න පුළුවන් වුණාට වැඩක් නෑ, දුවන්න පාරවල් හොයා ගන්න බැරි වෙනකන් ඉන්නේ නැතුව,  දවස් 7ක් ඇතුලත බැහැලා යන්න කියලායි.

ඒ වගේම පාර්ලිමේන්තුවේ බලය කටට වැටෙනකං කට ඇරගෙන බලාගෙන ඉන්න නායකයෝ සෙට් එකටත් අපි කියනවා, වහාම ජන අරගලය ජයග්‍රහණය කරවීමේ වගකීම පාර්ලිමේතුව තුළ ඉටු කරන්න කියලා

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka