රඹුක්කනදී වෙඩි තැබීමට අණ දුන් කීර්තිරත්න අත්අඩංගුවට!
කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නාරාහේන්පිට පොලිස් රෝහලේදී අද ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙකුත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මහනුවර කුන්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඊයේ (27) නියෝග කළේ, රඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි තැබීම සිදු කළ සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
රඹුක්කනදී වෙඩි තැබීමට අණ දුන් කීර්තිරත්න අත්අඩංගුවට!
2022-04-28T21:01:00+05:30
Gossip Lanka Hot News





