හෙට 5ට ජනපති-හිටපු ඇමැතිවරු හමුවක්! ඇමැතිකම් පුරවන්න සියල්ල ලෑස්තියි! තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක්!
ජනාධිපතිවරයා හා පොහොට්ටුවේ හිටපු ඇමැතිවරුන් අතර හමුවක් හෙට (16) පස්වරු 5 ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහිදී ආණ්ඩු පක්ෂයේ සෙසු පක්ෂ ඇමැතිකම්වලින් ඉවත් වීම හේතුවෙන් හිස්වූ අමාත්‍ය ධූර සදහා රාජ්‍ය අමාත්‍ය ධූර දැරූ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව හිස්වන රාජ්‍ය අමාත්‍ය ධූර සදහා තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ලබන 18 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ජා ආරම්භ වන බැවින් ආණ්ඩුව ස්ථාවර බව පෙන්වීම මෙහි අරමුණ වී ඇති බවද දැනගන්නට තිබේ.
හෙට 5ට ජනපති-හිටපු ඇමැතිවරු හමුවක්! ඇමැතිකම් පුරවන්න සියල්ල ලෑස්තියි! තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක්!
2022-04-15T19:44:00+05:30
Gossip Lanka Hot News





