ලොව කිසිම රටක රාජපක්‍ෂලාට අයුතු ධනයක් නෑ... තිබේනම් නඩු දාන්න - නාමල් රාජපක්ෂ
තමන් හෝ තම පවුලේ ඕනෑම අයෙකු අයුතු ලෙස උපයාගත් ධනය ලොව කොහේ හෝ රටක තිබේනම් නම් නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
2015ට පෙර මෙම චෝදනා එල්ල කළ බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වසර දොළහේ දී ම වත්කම් වාර්තා පාර්ලිමේන්තුවට ලබා දී ඇත ඇති බවත් හෙතෙම පැවසීය.
තම සියලූ වත්කම් විගණනය කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අද පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.
ලොව කිසිම රටක රාජපක්‍ෂලාට අයුතු ධනයක් නෑ... තිබේනම් නඩු දාන්න - නාමල් රාජපක්ෂ
2022-04-21T13:30:00+05:30
Gossip Lanka Hot News





