IMF සල්ලි ලැබෙන්න මාස 6ක්වත් යාවි... බංග්ලාදේශයට ගෙවන්න තියෙන ඩොලර් මිලියන 450 කල් දාගත්තා... තෙල් ගන්න ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 500ක් දුන්නා!
ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 500ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
ඊට අමතරව බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450ක ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පළ කර ඇති බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අර්බුදය විසින් ලබාදෙන ආධාර ලැබීමට මාස 06ක පමණ කාලයක් ගත වනු ඇති බවත් අදාළ ආධාර කොටස් වශයෙන් ලැබෙනු ඇති අතර එම ආධාර ලැබෙන තෙක් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ආධාර සොයාගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
IMF සල්ලි ලැබෙන්න මාස 6ක්වත් යාවි... බංග්ලාදේශයට ගෙවන්න තියෙන ඩොලර් මිලියන 450 කල් දාගත්තා... තෙල් ගන්න ඉන්දියාවෙන් තව ඩොලර් මිලියන 500ක් දුන්නා!
2022-04-21T11:09:00+05:30
Gossip Lanka Hot News