නුගේගොඩ මිරිහානේදී විරෝධතාවයට ජනතාවගේ ස්වාධීන විරෝධතාවයක් ඇයි කිව්වද ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු ඒ පසුපස සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
පසුගිය 2015 මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයෙකු එම විරෝධතාවට සහභාගි වන රූප රාමු රජය සතුව ඇතැයි ද හෙතෙම පැවසීය.
විරෝධතාකරුවන්ට කිසිදු බාධාවක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබූ නමුත් රාත්‍රී එක පමණ වන පොදු දේපල පෞද්ගලික දේපලවලට විරෝධතාකරුවන් හානි සිදුකරීම නිසා අවම බලය පාවිච්චි කරමින් එය විසුරුවා හැරි බව ද හෙතෙම සඳහා කළේය.
ජනමාධ්‍ය ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
