බලය අත හරින්නේ නැතිව අපේ ජීවිත කාලකණ්නි කරනවා - අගරදගුරු
අත්නොහැරීම තුලින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිතද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කරයි.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක්විඳිම සහ කුරුසය මත දිවි පිදීම සිහිකෙරෙන මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය 15 පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා දේවස්ථානයේදී පැවැත්වුණි.
එහිදි අදහස් දැක්වූ අගරදගුරු හිමියන්,
“ක්‍රිස්තුත් වහන්සේ කියන්නේ මොකක්ද අත්හරින්න.. අත්හරින්න.. නීත්‍යානුකූලව අපි සතු හැම දෙයින්ම නිදහස් වෙන්න කියලා. වැඩිම උනොත් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුලුවන් වෙයි ඒ සියල්ලම අත්හැරලා දාලා හතර රියන් කොටුවට යන්න ඕනේ අපි හැමෝම. එහෙනම් අපි හැමෝම මේ සම්පත්, මේ වස්තූන්, මේ බලය, තණ්හාවෙන් අල්ලගෙන ඒවා අත්හරින්නේ නැතිව අපේ ජීවිතයත් කාලකණ්ණි කරගෙන අනුන්ගේ ජීවිතත් කාලකණ්නි කරන්න කටයුතු කරන්නේ ඇයි”
– අද
බලය අත හරින්නේ නැතිව අපේ ජීවිත කාලකණ්නි කරනවා - අගරදගුරු
2022-04-16T16:28:00+05:30
Gossip Lanka Hot News






