ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට රට බාර දෙන යාන්ත‍්‍රණය කුමක්ද..
ආණ්ඩුවට එරෙහි ගාලු මුවදොර විරෝධතාකරුවන්ට ඔවුනගේ වැඩපිළිවෙළ හා විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමට සාධාරණ කාලයක් රජය පාර්ශ්වයෙන් ලබාදී ඇතැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
නමුත් මෙතෙක් කිසිදු වැඩපිළිවෙලක් හෝ යාන්ත්‍රණයක් ගැන අදහසක් ඔවුන් පල කර නැති නිසා රජයක් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ 225 ම එපා කියන මෙම විරෝධතා කරුවන් එම යාන්ත‍්‍රණය එපා නම් රට කරවන යාන්ත්‍රණය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.
ගාලු මුවදොර සිටින බව කියන උගතුන් හා බුද්ධිමතුන්ට රට බාර දෙන්නැ ඔවුන් කරන යෝජනාව අනුව එසේ භාර දෙන යාන්ත්‍රණය පැහැදිලි කරන ලෙස ද හෙතෙම ඉල්ලා සිටී.
ඉන්නා පාලකයන් මරා දමා හෝ පලවා හැර ජයග්‍රහණය කළ රටවල් නැති බවත් ලෝක ඉතිහාසයේ එවන් රාජ්‍යයන්ට ඇතිවී ඇති වූ ඉරණම මෑත ඉතිහාසයේ ඉරාකය ලිබියාව වැනි රටවලින් ලබාගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට රට බාර දෙන යාන්ත‍්‍රණය කුමක්ද..
2022-04-16T21:08:00+05:30
Gossip Lanka Hot News






