හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතු බවත් 19 ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අත්‍යාවශ්‍ය සහ කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම ගත හැකි කාලීනම විසඳුම බවත් අගමැතිවරයා අද පාර්ලිමේන්තුව අමතා පැවසුවේය.
ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ඇතිව පුලුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙරෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහාය අපේක්ෂා කරන බවත් අගමැතිවරයා පැවසුවේය.
අගමැතිවරයා කීවේ ආර්ථික අභියෝගය ඉතා දුෂ්කර තැනකට පත් වී ඇති තිබෙන බවත් ආණ්ඩුවක් කවදාවත් කැමැත්තෙන් ජනතාව දුෂ්කරතාවයට පත් නොකරන බවත්ය.
ආර්ථික අර්බුදය අර්බුදය ජය ජය ගැනිම සඳහා ජාත්‍යාන්තර පරිචයක් සහිත විද්වත් කණ්ඩායමක් පත් වී ඇති බව අගමැතිවරයා පැවසුවේය.
ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව සමග සාකච්ඡා කරමින් මිත්‍ර රටවලත් සහාය සහිතව ආර්ථික අර්බුදය කලමනාකරණය කරගැනීමට කටයුතු කරන බව කී අගමැතිවරයා රටට මෙවැනි අර්බුදයක් යළි ඇති නොවී සඳහා කෙටි කාලීන සහ දිගුකාලින සැලසුමක් අවශ්‍ය බවත් එය විරෝධතාවයකට එහා ගිය මැදිහත්වීමක් විය යුතු බවත් කීවේය.
“ගාලු මුවදොර විරෝධතාවයේ නිරත කණ්ඩායම්වලට එන්න කිව්වේ වටිනා අදහස් අරන් රට සංවර්ධනය කරන්න.“ අගමැතිවරයා කීවේ එසේය.
ඉදිරියේ දී අවශ්‍ය ඉන්ධන ලැබෙන බවත්, මධ්‍යම කඳුකරකට වැසි වැටීම ඇරඹී ඇති බවත් පැවසූ අගමැතිවරයා විදුලි අර්බුදය විසඳෙනු ඇති බව කීවේය.
“ දවසකට පැය තුනක් හතරක් පෝලිම්වල ඉන්නකොට දැනෙන වේදනාව දන්නවා. මතක තබා ගන්න. ඔබ බහෝකල් පෝලිම්වල තියන්නෙ නෑ. ඒත් පැය 24න් උත්තර සොයන්න බෑ.“
අගමැතිවරයා කීවේය.
