පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිතා කළ මෝටර් රථය දැන් භාවිතා කරන්නේ හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය.
ප්‍රනාන්දු මහතා කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු වන රංග ශ්‍රීලාල් එය තම ට්විටර් ගිණුමේ සටහන් කොට ඇති බවකි.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ලෑන්ඩ් කෲෂර් රථය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය භාරයේ පැවතිය යුතු වුවද එය දේශපාලනඥයෙකු විසින් භාවිතා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.
මේ පිළිබඳව කාදිනල් හිමි ගේ අවධානය යොමු විය යුතු බවත් හෙතෙම කියා සිටියි.
ඊට පිළිතුරු දුන් වීරසේකර මහතා කියා සිටියේ එය ආරක්ෂක අමාත්‍යංශය විසින් නිල වශයෙන් පාවිච්චිය සදහා ලබා දී ඇති නමුත් තමන් එය භාවිත කළේ නැති බවකි.
