20 අහෝසි කළොත් මන්ත්‍රීකමත් නැතිව බැසිල් ගෙදර… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියෝ කලබල වෙති!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය අහෝසිකර 21 වැනි සංශෝධනය ගෙනඒමෙන් බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රී ධුරය ද අහෝසිවනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයින්ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට අවස්ථාව හිමි වූයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බවත් එය අහෝසිකර 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුටත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවත් ඔවුහු පවසති
මේ අතර 20 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් අහෝසිකර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ ගුණාත්මක කරුණු ගණනාවක් ඊට ඇතුළත් කරන ලෙස ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම රජයට යෝජනා කර ඇත.
මේ හේතුව නිසා ද්විත්ව පුරවැසිභාවය ඇති බැසිල් රාජපක්ෂ පමණක් නොව, පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය සහිත ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක් දැඩි දේ කලබලවී සිටින බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට වාර්තා කරයි.
20 අහෝසි කළොත් මන්ත්‍රීකමත් නැතිව බැසිල් ගෙදර… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියෝ කලබල වෙති!
2022-04-19T10:18:00+05:30
Gossip Lanka Hot News






