ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අවසන්වීම හේතුවෙන් ඊයෙ දින සිට මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ගෑස් ආනයනය කිරීම සඳහා මුදල් නොමැති වීමයි.
ගෑස් මිල වැඩි කිරීමට අවස්ථා ගණනාවකදී අවසර ඉල්ලුවද දිගින් දිගටම ගෑස් මිල වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබා නොදීම හේතුවෙන් මේ වන විට ලිට්රෝ සමාගම බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තා වුණේ.
ඒ අනුව මේ වන විට මෙරටට ගෑස් ආනයනය කරන සමාගම වෙත ලබා දීමට ඇති ඩොලර් මිලියන 10 ක ණය මුදල ගෙවා දැමීමෙන් පසුව පමණක් යලි ගෑස් ලබාදීමටයි එම සමාගම එකඟත්වය පළ කර ඇත්තේ.
මේ වන විට මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුවේ එක්ව දේශීය බැංකුවකින් 16% ක පොලියකට ඩොලර් මිලියන 10 ක ණයක් ඒ සඳහා ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
එම ණය මුදල ලබා ගැනීමට හැකි වුවහොත් යළි ගෑස් ආනයනය කිරීමට හැකි වනු ඇති බවයි සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ.
එම ණය මුදල කඩින මින් ලබා ගැනීමට හැකි වුවහොත්බොහෝවිට එළඹෙන 18 වන සදුදා දින සිට යළි මෙරට වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට හැකියාවක් පවතින බවයි ලිට්රෝ සමාගමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වුවත් අලුත් අවුරුද්ද උදාවීමට දිනයක් ඉතිරිව තිබියදීත් ගෑස් පෝලිම්වල පාරිභෝගික ජනතාව රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
