gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම දේශපාලනය කළේ ඉල්ලීමක් මතයි...ආපහු දේශපාලන රැස්වීම වල දකින්න ලැබෙන්නේ නැහැ - කොටුවේ පොඩි හාමුදුරුවන් පාපොච්චාරනයක

ප්‍රවීන ධර්ම කථික කොටුවේ පොඩි හාමුදුරුවන් කියන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට අමතක නොවන භික්ෂුන් වහන්සේ නමක්. ප්‍රවීන ධර්ම දේශකවරයෙක් ලෙස ප්‍රසිද්ධ උන්වහන්සේ ලැබුවාවූ සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පතමින් වීඩියෝවක් පළකර තිබුණා.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ තමන් දේශපාලනය සිදුකලේ අවුරුදු දෙකක් පමණක් බවයි. එමෙන්ම දේශපාලනය සිදුකලේ කිසියම් පිරිසකගේ ඉල්ලීමක් මත බවත් තමන් නැවත දේශපාලනයේ නොයෙදෙන බවයි. තමන් දේශපාලනය කිරීමෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොලැබූ බවත්, ගම වෙනුවෙන් අවශ්‍ය මාර්ග සකස් කර ගැනීමට එම කාලයේදී තමන්ට හැකි වූ බවයි උන්වහන්සේ එහිදී සඳහන් කර සිටියේ.

මේ වන විට අරගලයේ යෙදී සිටින තරුණ පිරිසගේ ඉල්ලීම් වලින් සියයට 95ක්ම නිවැරදි බව පැවසූ උන්වහන්සේ රට කරගෙන යාමට නිවැරදි නායකයින් පත් විය යුතු බවද කියා සිටියා.

ඉන්ධන නොමතිකම, විදුලි කප්පාදුව නිසා රටේ ජනතාව දැඩි සේ පිඩාවට පත්වන බව පැවසූ උන්වහන්සේ ජනතාවට මෙම අලුත් අවුරුද්දේ එම දැවෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලැබෙන ලෙස තමන් ප්‍රර්ථනා කරන බවද කියා සිටියා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka