gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට වෙනුවෙන් අරගලයේ නියුතු කැළණි සරසවි සිසුන්ට මැර ප්‍රහාරයක්... පහරදීමට විරුද්ධව ජනතාව විදී බසියි (VIDEO)

ගෝල්ෆේස් විරෝධයට සමගාමීව කිරිබත්ගොඩ නගරයේ අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කළ කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට අද (13) පස්වරුවේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම විරෝධතාව ආරම්භ කොට තිබුනේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් පිරිසක්.

අද පස්වරුවේ ක්‍රියාත්මක වූ මෙම විරෝධතාවයට කැළණිය ප්‍රදේශයේ ආණ්ඩුව නියෝජනය කරනු ලබන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ සහායකයකු යැයි හඳුනාගත් අයෙක්, ප්‍රදේශවාසියෙක් යැයි පවසමින් පැමිණ විරෝධතාකරුවන් සමඟ ගැටුමක් ඇති කරගැනීමට උත්සාහ ගෙන තිබෙනවා.

මෙහිදී අදාළ පුද්ගලයා විරෝධතාවයේ නියැලුණු අට්ටාලය ද පෙරලා දමමින් විරෝධතාවයේ නියැලී සිටි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහර දී තිබෙනවා. මේ වනවිට අදාළ සිසුන් දෙදෙනා රෝහල් ගතවී ප්‍රතිකාර ගනු ලබනවා.

කෙසේ නමුත් ඇතිවූ කලබලකාරී වාතාවරණයත් සමඟ අදාළ ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තත්වය පාලනය කිරීමට උත්සාහ ගෙන ඇති අතර එම අවස්ථාවේදී පහර දුන් පුද්ගලයා පැන යාමට උත්සාහ ගෙන තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන් සහ විරෝධතාකරුවන් එක්ව පහර දීමට විරෝධය පල කරමින් නුවර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කොට විරෝධතාවයක නියැලීම ආරම්භ කරා.

කෙසේ වෙතත් අදාළ පහර දීම සිදු කල පුද්ගලයා මේ වනවිට කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව හෙට දිනයේ දී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පහර දීම සිදුකල අවස්ථාවේ එම පුද්ගලයා බිමත්ව සිටි බවට ප්‍රහාරයට ලක්වූ සිසුන් දෙදෙනා ප්‍රකාශ කර සිටිනවා.

සිදුවිමට් අදාළ වීඩියෝ දර්ශන පහතින්
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka