ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා සඳහා අයිතියක් තිබෙනවා - ඇමරිකානු තානාපතිනිය සිහි කරයි!
ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී ලෙස විරෝධතාවල නිරතවීමේ අයිතියක් පවතින අතර, එය, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පැවසුවේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව තමන් පරීක්ෂාවෙන් පසුවන අතර, ඉදිරි දිනවලදී සියලු පාර්ශවයන් වෙතින් සාමකාමී පාලනය වූ තත්වයක් අපේක්ෂා කරන බවය
එමෙන්ම මෙරට ආර්ථික ස්ථාවර භාවය සහ පීඩාවට ලක්ව සිටින ජනතාවට සහනයක් හිමිවීම තම අපේක්ෂාව බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා සඳහා අයිතියක් තිබෙනවා - ඇමරිකානු තානාපතිනිය සිහි කරයි!
2022-04-02T18:32:00+05:30
Gossip Lanka Hot News







