අප්‍රියෙල් මස 03 වැනිදා (හෙට) පැවත්වීමට නියමිතව ඇති විරෝධතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් තරුණ සමාජ ක්‍රියාකාරිකයකු මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.තිසර අනුරුද්ධ බණ්ඩාර නැමැති මෙම තරුණයා ගෙන් මේ වනවිට පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
“ගෝ හෝම් ගෝටා“ නම් ෆේස්බුක් සමූහයේ මෙහෙයවන්නකු බව කියන මෙම තරුණයා ඊයේ රාත්‍රියේ ගම්පොළ දී අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට මොදර පොලිසියෙන් ප්‍රශ්න කරමින් පවතින බව සඳහන් වේ. ජනතාව මේ වනවිට පත්ව ඇති අසීරුතා සම්බන්ධයෙන් රජයේ අවධානයට ලක් කරමින් සහ ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස බල කරමින් රට පුරා විරෝධයක් පළ කළ යුතු බවට මෙම තරුණයාද සිය සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
