ඇමති ඩලස් ඉල්ලා අස්වෙයි?
තමන් ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරන තාක්කල් මාධ්‍යවේදීන් හට කිසිදු ආකාරයේ තර්ජන ගර්ජනවලට ලක්වීමට ඉඩ නොතබන බව මෙයට පෙර සහතික කොට කියා තිබෙන ඩලස් අලහප්පෙරුම පෙරේදා රාත්‍රී මිරිහානේ දී මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික මැර ප්‍රහාරය හමුවේ ඉල්ලා අස්වන්නේ දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරති.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම සහතිකය දී තිබිණි.
පෙරේදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ආසන්නයේ පැවති විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් හට පොලිසියේ සහ හමුදාවේ ඇතැම් පිරිස් ඉතා අමානුෂිකව පහරදී තිබු අතර ඔවුන් මාධ්‍යවේදීන් බව තහවුරු කර ගැනීමෙන් පසුව කැමරාවලට පවා පහර දී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම තත්වය හමුවේ හිටපු මාධ්‍යවේදියෙකු ද වන ජනමාධ්‍ය ඇමතිවරයාට තව දුරටත් එම ධුරයේ රැඳි සිටිය නොහැකි බව සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් පෙන්වා දෙති.
– theleader
ඇමති ඩලස් ඉල්ලා අස්වෙයි?
2022-04-02T18:52:00+05:30
Gossip Lanka Hot News






