අද පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මහතා යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා විසින් රඹුක්කන ඝාතනය සම්බන්ධයෙන් යවා ඇති වට්ස්ඇප් පණිවුඩයක් පිළිබදව සභාවේ අවධානය යොමු කරවූවේය.
කෙසේවෙතත් පසුව හමුදාපතිවරයා මේ පිළිබදව හරීන් ප්‍රනාන්දු මහතාට ඇමතුමක් ලබා දී එය වැරදීමකින් වූවක් බව දැනුම් දී තිබේ.
ප්‍රනාන්දු මහතා ඒ බවද සභාවට දැනුම් දීමටද පියවර ගත්තේය.
