රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් ගැන, ජනාධිපති මාධ්‍ය අංශයෙන් හදිසි නිවේදනයක්!
පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් දැනුම්දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ඔවුන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව දැනුම් දෙමිනුයි.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිතුවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බවත් නිවේදනයේ සඳහන්.
01. ලොහාන් රත්වත්තේ මහතා
මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
02. පියල් නිශාන්ත ද සිල්වා මහතා
කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් ගැන, ජනාධිපති මාධ්‍ය අංශයෙන් හදිසි නිවේදනයක්!
2022-04-23T20:22:00+05:30
Gossip Lanka Hot News






