අන්තර්වාර රජයකත් අගමැති මමයි - මහින්ද දන්වයි
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටු වූ ද එහි ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඉතිහාසය නොදන්නා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් තමනට ඉවත්වෙන්නැයි ඉල්ලා ඇති බවද පැවසූ ඔහු බහුතර මන්ත්‍රී පිරිසක් තමන් සමග සිටින බවද සඳහන් කළේය.
මේ මොහොතේ යම් අසීරු තැනක රට තිබෙන බව තමා පිළිගන්නා බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා එම අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇති බවද පැවසීය.
මීටත් වඩා දරුණු අර්බුදවලට රට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.
ගාලු මුවදොර පිටියේ අරගලයක යෙදී සිටින පිරිස්වලට සාකච්ඡා සඳහා නැවත වතාවක් තමන් ආරාධනා කරන බව පැවසූ ඔහු එසේ නො පැමිණෙන්නේ නම් ඔවුනට දිගටම සිදු වන්නේ අරගල කිරීමට පමණක් යයිද පැවසීය.
අන්තර්වාර රජයකත් අගමැති මමයි - මහින්ද දන්වයි
2022-04-23T17:00:00+05:30
Gossip Lanka Hot News






