gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් අන්තර්වාර ආණ්ඩුවක් සමග රාජ්‍ය සභා යෝජනාවක්!

අමාත්‍යවරුන් දොළොස්  දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයක් සමඟ මාස හයක කාලයක් සඳහා අන්තර්වාර රජයක් පිහිටවිය යුතු බවටත් විධායක ජනාධිති ධුරය අහොසි කිරීම ඇතුළු ව්‍යවස්ථ සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බවටත් හිපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග  යොජනාවලියක් ඉදිරිපත් කොට තිබේ.

විද්වත් මණ්ඩලයක්  සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ඇය මෙම යෝජනාවලිය සකස් කොට ඇති අතර එමඟින් රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රෙගුලාසි කෙටුම්පත් කිරීම සඳහා සාමාජිකයන් 75 දෙකුනෙගේ සමන්විත රාජ්‍ය සභාවක් පිහිවුවිය යුතු බවටද ඇය යෝජනා කර තිබේ.

හිටපු ජනපතිනිය විසින් කරන ලද යෝජනාවලට අනුව පිහිටුවනු ලබන අන්තර්වාර  ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින්  පාර්ලිමේන්තුවේ බහුතර  විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ලෙස පත් කර ගත  යුතුය.   එමෙන්ම  අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ  ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වේ.

අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ව්‍යවසථා සංශෝධන   කිහිපයක් යෝජනා කර ඇත.  ඇයට අනුව එයින් පළමුවැන්න විය යුත්තේ විධායක ජනාධිති ක්‍රමය අහෝසි කොට නාමික ජනාධිපතිවරයකු පත් කර ගැනීමය. ඊට අමතරව  ජාතික ප්‍රතිපත්ති සඳහා වූ රාජ්‍ය සභාවක් (Council of State ) පිහිටුවීමට ඇය යෝජනා කරයි.

රජයේ  ප්‍රතිපත්ති, නීති සහ රෙගුලාසි කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ  සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය  සභාව සමඟ සාකච්ඡා කර ක්‍රියා කළ යුතුය.

රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ තීන්දු කිරීමේ දී හා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පුරවැසියන්ගේ ඵලදායී සහභාගීත්වය ලබා ගනිමින් රාජ්‍ය සභාව  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ප්‍රවර්ධනය කරමින් අධිකාරීවාදය වළක්වාලීමට කටයුතු කරනු ලැබේ.

රාජ්‍ය සභාව එහි රාජකාරි ඉටු කිරීමේදී අමාත්‍ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමඟ මනා සහයෝගයකින් කටයුතු කළ යුතුය.

එමෙන්ම විශේෂ නීති සහ ප්‍රතිපත්ති රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රාජ්‍ය සභාව  විසින් ඒවා සමාලෝචනය කරනු ඇත. මෙම සභාව  විසින් කැබිනට් මණ්ඩලයට සහ රජයට නීති පනත් යෝජනා කරනු ඇත.

රාජ්‍ය සභාව රජයේ ප්‍රතිපත්ති සමාලෝචනය කරනු ඇත. විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ආර්ථිකය, රාජ්‍ය පාලනය, දූෂණය පිටුදැකීම හා ආණ්ඩුවේ විනිවිද භාවය සම්බන්ධ කරුණු මෙන් ම අධ්‍යාපනය ඇතුළු සියලු ප්‍රතිපත්ති සභාවේ සමාලෝචනයට බඳුන් වේ. ඒමෙන් ම ආර්ථික ප්‍රතිපත්ති සහ සියලු සංවර්ධන කටයුතු පිළිබද යෝජනා රජයට ඉදිරිපත් කිරීමේ වගකීම ද රාජ්‍ය සභාව සතු වේ.

රජයේ  ප්‍රතිපත්ති සැකසීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය සභාව සිවිල් සමාජයේ විවිධ අංශ  වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයින්, පෞද්ගලික අංශය, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ආදි  පාර්ශවයන් අතර අන්තර් සංවාදයන් ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු ය.

මෙම රාජ්‍ය සභාවට  සමාජයේ සියලුම පාරශ්ව  නියෝජනය කිරීමට යොජනා කර ඇතත්  දේශපාලන පක්ෂවලින්  තේරී පත් වූ මන්ත්‍රීවරුන්, ස්වාධීනව පත් වූ මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් රාජ්‍ය සභාවේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් නොලබයි.

සිවිල් සමාජ සංවිධාන, විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තිකයන්, රාජ්‍ය නොවන සංවිධාන විසින් නිර්දේශ කරනු ලබන සාමාජිකයන් 75 දෙනෙකුගෙන් සහ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන ලද සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සභාව සමන්විත වේ.

සිවිල් සමාජ නියෝජිතයන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ගණකාධිකාරිවරුන්, ඉංජිනේරුවන්, මිනින්දෝරුවන්, තක්සේරුකරුවන්,  ගුරුවරුන්  සහ විදුහල්පතිවරුන් සහ වෙනත් වෘත්තීන් නියොජ්නය කරන වෘත්තීය සංගම්වලින් සාමාජිකයින් 25 දෙනෙකු පත් කිරීමට යෝජනා කර ඇති අතර  කලාකරුවන් ,  පෞද්ගලික අංශය, විද්වතුන් සහ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනයක්ද යෝජනාකොට තිබේ.

රාජ්‍ය සභාවේ මුළු සාමාජිකයින් සංඛ්‍යාවෙන් 40% ට නොඅඩු පිරිසක් වයස අවුරුදු 40 ට අඩු විය යුතු   බවත් කාන්තා නියෝජනය සමස්තයෙන් 40%ක්   විය යුතු බවත් හිටපු ජනාධිපතිනිය  පෙන්වා දී ඇත. .


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka