ශ්‍රී ලංකාව අද පවතින්නේ කිසිදාක නො වූ විරූ තරමේ අරාජික තත්වයක බවත් ඉතින් එවන් තත්වයක අලුත් අවුරුද්දට සුභ පතන්නේ කෙසේදැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රශ්න කරයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් තම සමාජ ජාලය ගිණුමේ සටහනක් තබමින් ඇය මෙසේ කියා සිටී.
අප රට කිසිදා නොවූ විරූ අන්දමේ අරාජික තත්ත්වයක පවතින මේ මොහොතේ උදා වන අලුත් අවුරුද්ද වෙනුවෙන් මා ඔබට සුබ පතන්නේ කෙසේ ද?
නිදහසින් පසු ප්‍රථම වරට පුරවැසියා සියලු බේද පසෙක ලා, එකට එකතු වී දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අව් වැසි නොතකා සාමකාමී අරගලයක් ආරම්භ කර තිබේ.
ඒ සටන පුරාවට ප්‍රචණ්ඩත්වය වෙනුවට සාමකාමීත්වය ද, වෛරය වෙනුවට ආදරය ද දැකිය හැකි ය. ඒ ප්‍රවණතාව තුළින් රටට යහපත් ජයග්‍රහණයක් අත්පත් කරගනු හැකි වනු ඇත.
රටේ හෙට දවස වෙනුවෙන් තමන්ගේ අද දවස කැප කර, මේ අරගලය වෙනුවෙන් කැපවී සිටින සියලු පුරවැසියන්ට නිදුක්, නිරෝගී ශක්තිය ප්‍රාර්ථනා කරන අතර මේ අර්බුදකාරී තත්ත්වයෙන් මිදී, සාමය, සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය රජයන දේශයක් නිර්මාණය කරගැනීමට ශක්තිය ලැබෙන, ජයග්‍රාහී සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමි.
