gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

'ගෝඨාගේ තීරණ නිසයි මිලියන විසිදෙකක් ජනතාව දුක් විඳින්නේ' - ජනපතිට සුදර්ශනීගෙන් දැඩි ප්‍රහාරයක්!

කොරෝනා වසංගතය මැඬලීමේ වගකීම අතට ගෙන කටයුතු කළ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමැතිවරියව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් ඉන්නේ ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විපක්ෂයේ හිඳගෙනය.

පසුගිය මාස ගණනක් තිස්සේ ආණ්ඩු පක්ෂයේ සිටියද ඇය සිටියේ මහජනයාගේ දුක් අඳෝනා දෙස බලමින්ය. ඒ, තනි අතින් අත්පුඩි ගසන්නට බැරිවය. ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි මහජනයාගෙන් නැඟෙන ඝෝෂාව ගැනත්, ජනාධිපතිවරයා ජාතිය අමතා කතා කළ අවස්ථාවේ කී දේවල් ගැනත් ‘මව්රට’ පුවත්පත මන්ත්‍රීවරියගෙන් විමසීමක් කළේය. ඇය එහිදී පළ කළේ මෙවන් අදහසකි.

‘ආණ්ඩුව දැන් හිසරදයට කොට්ට මාරුකරනවා වගේ අලුත් කැබිනට් එකක් හදලා. ඒකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. සියලු පක්ෂ එකතු වෙලා අන්තර්වාර පාලනයක් ඇති කරලා මේ ප්‍රශ්න විසඳන්න ඕනෙ. අවුරුදු දෙකකට කලින් අයි.එම්.එෆ්. යන්න තිබුණෙ කියලා දැන් ජනාධිපති වරද පිළිගන්නවා. ගොවීන්ට රසායනික පොහොර ලබානොදීම ගැනත් ඔහු දැන් තමයි වරද පිළිගන්නෙ. එහෙනම් මේ රටේ මිලියන විසිදෙකක වන ජනතාව දුක් විඳින්නේ ඒ අයගෙ වරද නිසයි. එහෙම නම් වැරැදි වුණා කියලා කියනවා නම් ඉල්ලා අස්වෙන්න ඕනෙ. අයි.එම්.එෆ්. යන එකට බාධා කළේ අජිත් නිවාඩ් කබ්රාල්. එයාගෙ හිතුමතයට තමයි මහ බැංකුව පාලනය කළේ.

ජනාධිපති ගොවීන්ගෙ ප්‍රශ්නයෙදිත් එහෙමයි. කාබනික පොහොර ප්‍රශ්නය වසර පහක දිගු සැලැස්මක් තුළ කළයුතු බවට යෝජනා කළ කෘෂිකර්ම උපදේශකවරු, ලේකම්වරු ඒ තනතුරුවලින් ඉවත් කළා. කාගෙවත් අදහස් යෝජනා ගනන් ගත්තෙ නැහැ. මුදල් අමාත්‍යාංශයෙ ඇතැම් නිලධාරීන් පවා වැරැදි තොරතුරු දුන්නා. හරි තොරතුරු දුන්නෙ නැහැ. ගොවීන්ට පොහොර ටික දෙන එක හරියට කළා නම් ගොවි ජනතාව අද පාරට වැටෙන්නෙ නැහැ. මේ රට ස්වයංපෝෂිත කළේ ගොවි ජනතාවයි. ඒක ජනාධිපති අමතක කළා. අද ඒ අයට පොහොර ටික ලැබිලා වෙලාවට ගොවිතැන් කරන්න ලැබුණ නම් ගොවි ජනතාවට බඩගින්න දැනෙන්නේ නැහැ. ඒ අයගෙ පිහිටෙන් බඩගින්න දැනෙන අනිත් අයටත් සහල් ටිකක් අඩු මිලට කන්න හැකි වෙනවා. නමුත් ඒ අවස්ථාවත් අද රටේ ජනතාවට අහිමි වෙලා. අහස උසට බඩුමිල. තවමත් ඉල්ලා අස්වෙන්නෙ නැතිව බලා ඉන්නේ මොකද කියන එක අපටත් ප්‍රශ්නයක්. බලන්න පසුගියදා ඇතිවුණු රඹුක්කන සිද්ධිය. ඒ අහිංසකයා මියගියේ නිරපරාදෙ. රඹුක්කන සමුපකාර සංගමයට ගෙන එන්න තිබුණු බවුසරය පමා කරලා ගෙනාවෙ. එදා මැදියම් රාත්‍රි ඉන්ධන මිල ඉහළ යාමෙන් පසුවයි. ඒ නිසාම ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති වුණේ. ඒකයි ඇත්ත.’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka