මා ජනපති අපේක්ෂක වේ යැයි රාජපක්ෂලා බය වුණා…ජාතිභේද ඇති කළ රාජපක්ෂලට සහගහනවා – බ්‍රදර් චාල්ස්
මේ රටේ ආගම් ජාති භේද ඇති කර කුපාඩි විදිහට ජනතාව භේදබින්න කළේ රාජපක්ෂවරු බව බ්‍රදර් චාල්ස් තෝමස් පවසයි.
මේ රටේ මහා සංඝ රත්නය ගාලු මුවදොර පිටියෙන් පන්නා දමන තැනට ජනතාව පත් කළේ ද රාජපක්ෂවරු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
රටේ ජනතාව වසර 10ක් ඇතුළත රාජපක්ෂලා කියන දේ නොව තමා කියන දේ අසාවි යන බියෙන් තමන්ට එරෙහිව නායකයන් කළ කුමන්ත්‍රණ පිළිබඳ තමන්ට ලිඛිත සාක්ෂි ඇතැයි ද ඔහු හෙළි කරයි.
තමා අනාගත ජනාධිපති අපේක්ෂකයා වේ යැයි බියෙන් තමන්ට ගමකට යා නොහැකි තැනට මොවුන් කටයුතු කළ බවට ද බ්‍රදර් චාල්ස් චෝදනා කරයි.
මා ජනපති අපේක්ෂක වේ යැයි රාජපක්ෂලා බය වුණා…ජාතිභේද ඇති කළ රාජපක්ෂලට සහගහනවා – බ්‍රදර් චාල්ස්
2022-04-14T11:28:00+05:30
Gossip Lanka Hot News





