gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රට බේරගගන්න ඉදිරිපත් වෙන්න සූදානම්..- හර්ෂ

‘මේ රට බේරගන්න ඉදිරිපත්වෙන්න අපි සූදානම්. හැබැයි ඒකට අවංක උත්සාහයක් ඕනෑ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
‘රට මෙතනට වැටෙනවා කියල මම අවුරුදු ගණනක ඉඳල කිව්වා. කිව්ව දේ හරි ගියා කියල මට සතුටක් නෑ. උගුර ලේ රහ වෙනකං කෑගහලත් අපි කිව්වදේ ඇහුවෙ නැති එක ගැනත් අද රටට අත්වෙලා තියන ඉරණම ගැනත් මම හදවතින්ම දුක් වෙනවා.

මම හැමදාම කිව්ව වගේ මේ අර්බුදයෙන් අපි හැමෝම නැත්තටම නැති වෙනවා.

ඒකට පක්ෂ පාට භේදයක් නෑ. මේ රට බේරගන්න ඉදිරිපත් වෙන්න අපි සූදානම්. හැබැයි, ඒකට හැමෝගෙම අවංක උත්සාහයක් තියෙන්න ඕන. එවැනි අවංක උත්සාහයක් නොමැතිව මේ අභියෝගය ජයගන්න බෑ.

මේ අවස්ථාවේ අවශ්‍ය පුද්ගලයින් පිම්බීම නෙවෙයි. සුපර් මෑන් කෙනෙකුට මේ අභියෝගය ජයගන්න බෑ.

අපි සියළුදෙනාටම අවංකව එකතුවීමෙන් පමණයි මේ අභියෝගය ජයගන්න පුළුවන්’
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka