විකල්පයක් නැතිවෙයි! විමල් පිල-ශ්‍රීලනිපය-අනුර යාපා පිල ගෝල්ෆේස් පැත්තට හැරෙන්න තීන්දු කරයි!
ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණ සහ විරෝධතා වලට සහාය පළ කරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ ඇතුළු කණ්ඩායම තීරණය කර ඇත.
රටේ ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙසට හවුල්කාර පක්ෂ කළ යෝජනාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ආණ්ඩුව තම කණ්ඩායමේ මතයට අවනත නොවන්නේ නම්,ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටින ජනතාවට සහාය පළ කරනවා හැරෙන්නට ,වෙනත් විකල්පයක් නැති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ සතියේ රැස්වී අදාළ නිවේදනය සකස් කර ,නිකුත් කරන බව හෙතෙම කීවේය.
-mawratanews
විකල්පයක් නැතිවෙයි! විමල් පිල-ශ්‍රීලනිපය-අනුර යාපා පිල ගෝල්ෆේස් පැත්තට හැරෙන්න තීන්දු කරයි!
2022-04-16T21:13:00+05:30
Gossip Lanka Hot News





