gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් කැබිනට් එක අද පත්කරයි; ඇමතිලා 30යි...

තිහක සීමාවේ තිබූ කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ නව ඇමැති මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරිපිට අද (08) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.

ඒ අනුව මෙතෙක් ඇමැති ධුර හිමිවූ මන්ත්‍රිවරුන් රැසකට ඇමැති ධුර අහිමි වන බවද වාර්තා වේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉවත් වීමෙන් පසු එම ඇමැති ධුරයට පත්කළ හිටපු අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ද තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමුකර ඇත.

එහෙත් එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා මෙතෙක් භාර ගෙන නොමැති බවද පැවැසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සඳහා සාකච්ඡා අවසන් කරන තුරු ඇමැති ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා අලි සබ්‍රි මහතාට දැනුම් දී ඇති බවට ද මාධ්‍ය වාර්තා පලවී තිබේ.

මුදල් ඇමැති ධුරයට හිටපු වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පත්කරන බවට වන වාර්තා අසත්‍ය බවද පැවසේ.

විදුලිබල ඇමැති ධුරයට හිටපු ඇමැති පවිත්‍රා වන්නිආරච්චිම පත්කිරීමට නියමිත බවද වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඒකාබද්ධ කර ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇති බව පැවසේ.

ඇමැති ධුර පත්කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) රාත්‍රිය වනතුරුම ජනාධිපති කාර්යාලයේ සාකච්ඡා පැවැත්විණි.

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට (08) දින හයක් ගතවෙයි.

මේ වනවිට මහාමාර්ග, අධ්‍යාපන හා විදේශ කටයුතු යන විෂය ක්ෂේත්‍ර සඳහා පමණක් ඇමැතිවරුන් පත්කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka