gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජන බලය හමුවේ නිරුවත් වන ඥානක්කාගේ දේව බලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලනික කටයුතු සම්බන්ධයෙන් ගුප්ත උපදෙස් දෙන බවක් අඟවමින් ඔහු රවටා රාජ්‍ය සම්පත් පවා කොල්ල කන බවට ජනතාව අතර ප්‍රචලිතව සිටින අනුරාධපුර,ගුවන්තොටුපල පාරේ,කැටේ හන්දියේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට පසුගියදා විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමඟ ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව පවා කැඳවීමට පියවර ගෙන තිබුණී.අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට ඇය විසින් පවත්වාගෙන යන දේවාලයට ද දැඩි ආරක්ෂාවක් සපයා තිබිණ.

මේ අතර මේ වන විට ඥානක්කා සහ ඇගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා යුද හමුදා කඳවුරක නිල නිවස්නයක රඳවා සිටින බවට තොරතුරු ලැබී තිබේ. ප්‍රදේශ වාසීන් පවසන අන්දමට මෙම ඥානක්කා යනු අනුරාධපුර මහ රෝහලේ සේවය කළ ඇටෙන්ඩන්ට් වරියකි.අධ්‍යාපන හෝ වෙන කිසිදු සුදුසු කමක් නොමැති ඇගේ සැමියා අසූව දශකයේ අග හාගයේ අනුරාධපුර නුවර වැව ඉස්මත්තේ දී අභිරහස් ලෙස ඝාතනය වී තිබේ.අද දක්වාම ඒ අභිරහස හෙළි වී නැත.තමන් හට දේව වරමක් ලැබී ඇතැයි පැවසූ මෙම කාන්තාව තම නිවසේ ශාස්ත්‍ර කියන කුඩා දේවාලයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඉන් පසුව ය.

එහෙත්,ඒ වන විට ඥානක්කා කෙරෙහි ගොඩ නැඟී තිබූ සමාජමය ප්‍රතිරූපය නිසා අනුරාධපුර ප්‍රදේශයේ කිසිසිවකුත් ඇගේ එම කතාව පිළිගෙන හෝ ඇගෙන් ශාස්ත්‍ර ඇසීමට කිසිවකුත් පැමිණ නැත නමුදු පසුකාලීනව මෙම ඥානක්කා යනු හාස්කම් බලයක් ඇති කාන්තාවක ලෙස මෙරට දේශපාලනඥයන් අතරේ පැතිර ගිය කට කතාවක් නිසා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් ඇගෙන් ගුප්ත පිහිටාධාර ලබා ගැනීමට අනුරාධපුරයට ඒමට පටන් ගෙන ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය යුද සමයේ මෙම ඥානක්කාගේ උපදෙස් වලට නතු වී සිටි බව පවසන අනුරාධපුර අටමස්ථාන ආරංචි මාර්ග තහවුරු කරනුයේ එම යුද ජයග්‍රහණය සැමරීම පිණිස අනුරාධපුර අටමස්ථාන අතරේ “රණ විරු සෑය” නම් ස්ථූපයක් තැනවීම ද ඇගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ බවයි.එහෙත්, එවන් යුද ස්මාරකයක් අනුරාධපුර අටමස්ථාන අතරේ ඉදි කිරීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමි වරුන් සේම එවක පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පදවිය හෙබ වූ ආචාර්ය සෙනරත් දිසානායක මහතා ද එක හෙළා විරුද්ධ වී තිබේ.


පසුව ඒ සම්බන්ධයෙන් හිටපු ජනපති වරයා තමන්ට අනියමින් තර්ජනය කළ බව ද හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය.ඉනික්බිතිව අනුරාධපුර ඇතුළු නුවරින් බැහැරව ඉදි කරන ලද එම ස්ථූපයේ නම “රණ විරු සෑය” වෙනුවට “සඳ හිරු සෑය” ලෙස වෙනස් කරවා ගැනීමට අනුරාධපුර අටමස්ථානාධිපති හිමි වරුන් ඇතුළු එම පාර්ශවයට බලවත් වෙහෙසක් දැරීමට සිදුව තිබේ.

මෙම ඥානක්කා කෙරෙහි මහින්ද රාජපක්ෂ මහතා දැක් වූ භක්තියටත් වැඩි භක්තියක් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන බවත් රජය විසින් ගනු ලබන සියළු දේශපාලන තීන්දු තීරණ ඥානක්කා ගේ අනුමැතියට යටත් ව ගැනීමට ජනපති වරයා පෙළඹී සිටින බවත් එය ජාතික උවදුරක් දක්වා මේ වන විට දික් ගැස්සී ඇති බවත් විවිධ පාර්ශව පෙන්වා දෙයි.

පසුගිය කාලයේ රුපියල් මිලියන තුන් සියයක වියදමින් පාර්ලිමේන්තු සංකීර්ණය අද්දර ස්ථාපිත කරන ලද “ජාතික සඳුන් උයන’ නම් වන සඳුන් පැළ එක් දහස් දෙසීයේ ව්‍යාපෘතිය ද ඥානක්කා විසින් ජනාධිපති වරයාට දුන් “ආධ්‍යාත්මික උපදෙසක්” අනුව ක්‍රියාත්මක කළ එකක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

එහෙත්,සඳුන් යනු වි‍යළි පසක මිස තෙත් බිමක සාර්ථක ලෙස වගා කළ හැකි ශාඛයක් නොවන බව පරිසර සහ උද්භිද විද්‍යාඥයන් විසින් දෙන ලද අතර එම උපදෙස් ද නොතකා මෙම මහා ධන නාස්තිය සිදු කරන ලද්දේ ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීම හා අගමැති වරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.පිහිටි පොළොවින් ඉහළට තනන ලද පාංශු පීඨිකා මත එම සඳුන් පැළ රෝපණය කොට ඇතත් එමඟින් ඒවායේ පැවැත්ම තහවුරු නොවන බව උද්භිද විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ,උතුරු මැද පළාතේ පමණක් නොව මුළු රටේම රා‍ජ්‍ය පාලකයන්ටත් වැඩි නොනිල බලයක් හිමි කරගෙන හිඳින ඥක්කා හමුවීමට පසුගිය දා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් ගියහ.ඉන් පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ දැන් ජනාධිපති වරයා කන් දෙනුයේ ඥානක්කාගේ බසට පමණක් බැවින් ජනාධිපති වරයාට රට හැර යන ලෙස ඇය ලවා වත් කියවා ගැනීම ද තම ගමනේ අරමුණ වූ බව ය.

එමෙන්ම තමන් ඇතුළු පිරිසක් මීට ඉහත මිරිහානේ පිහිටි ජනපති වරයාගේ නිවස වටලන විට ඔහු ගේ බිරිඳ ද සිටි එම නිවසට නිසි ආරක්ෂාවක් නොදුන් ජනාධිපති වරයා තමන්ගේ උප පත්නිය(Mistress)වන ඥානක්කාගේ නිවස වටා දෙදහසක පොලිස් බල ඇනියක් යොදවා තිබූ බව ද කීවා ය.එමෙන්ම ඥානක්කා මේ වන විට යුද හමුදා ආරක්ෂාව යටතේ හමුදා කඳවුරක සිටින පුවත ඇය විසින් ද තහවුරු කරන ලදී. මේ සියළු තත්වයන් යටතේ අනුරාධපුර ප්‍රදේශවාසීන් තුළ මේ වන විට ඥානක්කා පිළිබඳ වෛරයක් හා පිළිකුලක් මෝදු වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ ඇගේ නිවසට ප්‍රදේශවාසීන් කඩා වැදීම ද එහි එක් ප්‍රතිඵලයකි.අනුරාධපුර නුවර වැව ආශ‍්‍රිතව සියළු පාරිසරික නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස හෝටලයක් ඉදි කිරීමේ යන චෝදනාව ඥානක්කා වටා ගොනු වී තිබේ. මෙම ව්‍යාපෘතියට ශ‍්‍රමය ලබාදීම සඳහා යුද හමුදා කාර්ය මණ්ඩල යොදවා ඇති බව ද ප්‍රදේශවාසීහු කියති.

ඥානක්කා ගේ මෙම හෝටල් ව්‍යාපෘතිය නිසි නෛතික පදනමකින් තොරව සිදුවන්නක් බව අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස,නැගෙනහිර නුවරගම් පලාත ප්‍රාදේශීය සභා සභාපති කුමාරදාස සහ ප්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක යන මහතුන් ද පිළිගෙන තිබේ.කොටසක් අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශයටත් ඉතිරි කොටස නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවටත් අයත් එම භූමිය නුවර වැව ආශ්‍රිත වාරිමාර්ග රක්ෂිතයකි.ඒ අනුව එම ඉදි කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මෙහි දී අප තුළ මතුවන බරපතල පැනයක් ද තිබේ එනම් හමුදා පති වරයකු විසින් තම හමුදා සාමාජිකයන් හැඳින්වීම පිණිස යොදන “යුද හමුදා අයවළුන් “යන නිල හැඳින්වීම අතහැර ඔවුන් “වීරෝදාර රණ විරුවන්” ලෙස මාධ්‍ය මඟින් හඳුන්වන යුද හමුදා පති වරයකු එම රණ විරුවන් මෙලෙස රාජකාරීමය අවභාවිතාවකට ලක් කළේ කෙසේද?යන්න ය.

මේ අතර අප රටේ ඇති ඉතා වටිනා ඛනිජ සම්පතක් වන පුත්තලමේ ඉල්මනයිට් නිධියෙන් මහා පරිමාණයෙන් සිදු කෙරෙන ඉල්මනයිට් පැහැර ගැනීමේ චෝදනාවක් ද මෙම ඥානක්කාට එල්ල වී තිබේ.ඒ සඳහා වන නීත්‍යානුකූල බලපත්‍ර හිමි සමාගම පවසන්නේ මීට වසරක පමණ කලක සිට ලොරි රථ යොදා ගනිමින් සිදු කරන මෙම සොරකම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරන බව ය.

මෙම සියළු තත්වයන් යටතේ ඥානක්කා තමන් තුළ ඇතැයි පවසන දේව බලය මේ වන විට ඇයට එරෙහිව නැඟෙමින් පවතින ජනබලය හමුවේ අතිශය ලජ්ජා සහගත අයුරින් නිරුවත් වෙමින් තිබේ.එය සියළු රට වැසියන්ට පළමුව ජනාධිපති වරයා තේරුම් ගත යුතු ය.

එසේ නොකළ හොත් “ඔරකල් ගැන කතා කොට ඥානක්කාගේ පිළිකන්නේ හොරගල් අහුලනවා වගේ” යන ජනපති වරයා මුල් කොට පබැඳුණු ෆේස්බුක් පිරුළ මෙරට පොදු ජන ව්‍යවහාරයට ද එනු ඒකාන්ත ය.

විනිවිද
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka