gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වහාම ඇඳිරි නීතිය දාන්න! නැත්නම් අපේ ගෙවලුත් වටකරාවි! මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!

වහාම ඇඳිරි නීතිය පනවන ලෙසත්, එසේ නොවුණහොත් ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ මාලාවේදී ජනතාව විසින් තමන්ගේ නිවාසද වටලනු ඇති බව මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපිති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන් මේ බව දැනුම් දී තිබේ.

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට ආරාධනා කර තිබුණද ඊට සහභාගී වී සිටියේ මැතිඇමැතිවරුන් 75කට ආසන්න ප්‍රමාණයක් වීම විශේෂත්වයකි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපය ඇතුලු විමල් පිල ඊට සහභාගී වී සිටියේ නැත.

මෙහිදී ජනාධිපතිවරයා මැතිඇමැතිවරුන්ට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දුන් අවස්ථාවේ මැතිඇමැතිවරු රැසක් මේ බව දැනුම් දී තිබේ.

කෙසේවෙතත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාව ඇදිරි නීතිය කැඩුවොත් කරන්නේ කුමක්ද කියාය.

එමනිසා ඇදිරි නීතිය පැනවීමෙන් මෙම ප්‍රශ්නය විසදිය නොහැකි බවත්, ඩොලර් ප්‍රශ්නය විසදීඹ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, සියල්ලන්ම එක්ව මෙම ප්‍රශ්නය විසදිය යුතු වත් ජනාධිපතිවරයා මෙහිදීී ප්‍රකාශ කොට ඇත.

අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයාද මෙම සාකච්ජාවට එක්ව සිටියේය.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka