gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිරිහානේ විරෝධය; නීතීඥයෝ 400ක් පෙනී සිටිති; බී වාර්තාත් කචල්

මිරිහානේ ජනපති නිවස අසල දී පෙරේදා පැවති මහජන විරෝධතාවයේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ඇතුළු ජනාධිපති නීතිඥවරුන් 08 දෙනෙකු, ජේෂ්ඨ සහ කනිෂ්ඨ නීතිඥවරුන් 400කට අධික පිරිසක් පෙනී සිටි බව වාර්තා වේ.

මෙවැනි විශාල නීතීඥයින් පිරිසක් එක් සිද්ධියක් වෙනුවෙන් එක් අධිකරණයක පෙනී සිටිය පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

කෙසේවුවද, පොදු දේපල පනත යටතේ පොලිසිය විසින් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබු බවත්, ඔවුන් අතරින් 21 දෙනෙකු පුද්ගලික ඇප මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

එහිදී තවත් විරෝධතාකරුවන් 06 දෙනෙකු ලබන අප්‍රේල් මස 04 වෙනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් ලබන සඳුදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මෙහිදී පොලිසියට බී වාර්තාවන් නිසියාකාරව සම්පිණ්ඩනය කිරීමට ද නොහැකිව තිබූ අතර එක් එක් සැකකරුවන් විසින් සිදුකළ වැරදි බී වාර්තාව මගින් නිවැරදි දැක්වීමට ද අපොහොසත්ව තිබිණි.

මේ අතර, දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙන් 23 දෙනෙකු කොළඹ ජාතික රෝහලේත් තවත් තිදෙනෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද අධිකරණයේදී හෙළිවිය.

ඔවුන් මාලිගාවත්ත සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කර සුදුසු නියෝග ලබා දෙන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එහිදී නියෝග කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka