gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගොඩබාන්න ඩොලර් නෑ.. ගෑස් නැවක් ආපසු යයි.. අවුරුද්දට ගෑස් නෑ…

මෙරටට ගොඩ බෑම සඳහා රැගෙන විත් තිබූ ගෑස් සහිත නෞකාවක් මුදල් ගෙවා නිදහස් කර ගැනීම නොහැකි වීම මත ආපසු හරවා යවා තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 5500 ක් වන මෙය ගෙන්වා ඇත්තේ ලාෆ් ගෑස් සමාගම විසිනි.
සමාගමේ සභාපති වරයා සඳහන් කරන්නේ රාජ්‍ය බැංකුවකින් මෙම නෞකාව සඳහා අවශ්‍ය ණයවර ලිපියට ඩොලර් නිකුත් නොකිරීම නිසා එම නෞකාව භාර ගැනීමට නොහැකි වූ බවයි.

මෙම නෞකාව භාරගැනීමට ඩොලර් මිලියන 5 කට අඩු මුදලක් අවශ්‍ය වී තිබු බවත් ඒ සඳහා රාජ්‍ය බැංකුව අවසර ලබාදුන්නේ නැති බවත් සභාපතිවරයා පැවසීය.

මෙම තත්ත්වය මත අලුත් අවුරුදු සමයේ දී ලාෆ් ගෑස් සැපයීම සිදු කිරීමට නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
-lankacnews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka