මෛත‍්‍රීට කොකා පෙන්වා ශාන්ත බණ්ඩාර ඇමතිකමක දිවුරයි.. ස්වාධීන වූ ශ‍්‍රීලනිප පළු ගැලවෙයි..
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දී තිබේ.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඒ මහතා දිවුරුම් මීට සුළු මොහොතකට පෙර දී ඇති බව රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා තහවුරු කලේය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට ආණ්ඩුවට සහාය ලබා දීමෙන් ඉවත් වී ස්වාධීන වන බවත් දැනුම් දී තිබිය දී ඒ මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම විශේෂත්වයකි.
එම රාජ්‍ය ඇමති ධුරය දැරු ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
Kurunagala District SLFP MP Shantha Bandara sworn in as the State Minister of Agriculture a few mins ago.
— Kanchana Wijesekera (@kanchana_wij) April 11, 2022
මෛත‍්‍රීට කොකා පෙන්වා ශාන්ත බණ්ඩාර ඇමතිකමක දිවුරයි.. ස්වාධීන වූ ශ‍්‍රීලනිප පළු ගැලවෙයි..
2022-04-11T22:22:00+05:30
Gossip Lanka Hot News





