රාජපක්ෂලාගේ ඉල්ලා අස් කර ගත් නඩු පිළිබඳ තවත් තොරතුරු එලියට
රාජපක්ෂ පවුලට සමීපතමයන් අධි චූදිතයන් කරමින් නීතිපතිවරයා විසින් මහාධිකරණයේ පනවනු ලදුව විභාග වෙමින් පැවති නඩු 30කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙන විට ඉල්ලා අස් කර ගෙන ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත හෙළිකර තිබේ.
ඊට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව විසින් එම පවුලේ සාමාජිකයන්ට සහ සමීපතමයන්ට එරෙහිව පවරා තිබූ නඩු 85ක් මේ වෙනවිට ඉල්ලා අස්කර ගෙන අවසන් ය. මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිෂන් සභාව යන ආයතන දෙක පවරා තිබූ නඩු 115ක් ගෙවී ගිය අවුරුදු දෙක හමාර තුළ ඉල්ලා අස්කර ගෙන තිබේ.
මෙසේ ඉල්ලා අස්කර ගත් නඩු අතර සිල් රෙදි නඩුව, ඩී. ඒ. රාජපක්ෂ සොහොන් කොත් නඩුව, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන නඩු මූලිකව පවතී. ඊට අමතරව ඇවන්ට්ගාඩ් නඩුව හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස්ට එරෙහි නඩුව සහ රූපවාහිනී සංස්ථාවේ සභාපතිට එරෙහි නඩුවක් ප්‍රධාන වශයෙන්ම වාර්තා වේ.
රාජපක්ෂලාගේ ඉල්ලා අස් කර ගත් නඩු පිළිබඳ තවත් තොරතුරු එලියට
2022-04-11T22:24:00+05:30
Gossip Lanka Hot News





