සාස්තර කටයුතු සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධියක් උසුලන, අනුරාධපුර පදිංචි කාන්තාවක් ඛනිජ වැලි සමාගමේ බලපත්‍රයක් රහිතව පුත්තලම, ඉල්මනයිට් නිධියේ ඛනිජ හාරා අලෙවි කිරීමේ කටයුතුවල නිරත වන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉල්මනයිට් ඛනිජ හාරා ට්‍රැක්ටර්වලින් ප්‍රවාහන කටයුතු සිදුකළද ඊට බලපත්‍ර ලබාගෙන නොමැති බවත්, මෙම කටයුතුවලට රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබෙන බවත් අනාවරණය වේ.
මෙලෙස හාරන ඉල්මනයිට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 250ක් වැනි මිලකට අලෙවි කරන බවත්, මේ නිසා රජයට විශාල ආදායමක් අහිමිවී යන බවත් ඛනිජ වැලි සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.
වසරක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදුකරන බවද එයට අදාළ කාන්තාව සිය ඥාතීන්ද සම්බන්ධ කරගෙන සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස පරිසර අමාත්‍යාංශය ඛනිජ වැලි සමාගමට දැනුම් දී තිබේ.
– අරුණ
