හැමෝම මගහැර යද්දී උද්ඝෝෂකයින් අතරට ගිය අනුරට වුනු දේ! (VIDEO)
පාර්ලිමේන්තුවේ නිමවී එළියට පිවිසි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විරෝධතාකරුවන් අතරට ගොස් තිබිණි. එහිදී ඔහු සහ විරෝධතා කරුවන් අතර සංවාදයක් ඇති විය. මේ අවස්ථාවේ දී තමන් අතරින් යන්නට පැමිණි එකම දේශපාලකයා ඔහු බව රැස් වී සිටි පිරිස් කියනු ඇසිනි.
එහෙත් තවත් පිරිසක් කිව්වේ සියල්ලන්ම හොරු බවය. ෆයිල් තබාගෙන ඉන්නේ නැතිව එළියට දමන ලෙස තව විරෝධතා කරුවෙක් කීවේය.
එහිදී අනුර කුමාර දිසානායක පැවසුවේ ඔවුන් හැමදාම කරන අරගලයට මේ අරගල කරුවන් එක්වීම සම්බන්ධව සතුටුවන බවය. මේ තැබූ පියවර නැවත හකුලා නොගන්නා ලෙසද ඔහු අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් ඔහුටත් පිටවීමට ඉඩ නොලැබිණි. පිරිසක් හූ කීහ. අනුර කුමාර දිසානායක නැවත සිය රථය හරවාගෙන පිටවී ගියේය.
හැමෝම මගහැර යද්දී උද්ඝෝෂකයින් අතරට ගිය අනුරට වුනු දේ! (VIDEO)
2022-04-05T18:35:00+05:30
Gossip Lanka Hot News





