gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුව පළවා හරින අරගලයට අවුරුදු නිවාඩු නෑ... රාජපක්ෂලා ගෙදර යන තුරු සටන් කරනවා – අනුර

ආණ්ඩුවට එරෙහිව මහ පාරට බැස අරගල කරන ජනතාවට හති වැටී අරගලයෙන් ඉවත් වනු ඇතැයි පාලකයන් සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

ඉදිරියේ දී උත්සව සමය එළඹුණ ද විරෝධතා අඛණ්වම ක්‍රියාත්මක වන බවයි ඔහු අවධාරණය කළේ.

කෝටි දෙකකට අධික ජනතාව අද පාරට බැස එක හඬින් කියා සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු පාලකයන් වහාම ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි පෙන්වා දෙන ජවිපෙ නායකයා පවසන්නේ තවමත් පාලකයන් එයට අවනත වීමට සූදානම් නොමැති බවයි.

ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපතිවරයාට හිමි බලතල සහ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි ගණන අනුව ඔවුන් තවමත් බලයේ සිටින බවත්, කිසිදු ජනතා බලයක් ඔවුන්ට නොමැති බවත් අනුර දිසානායක සඳහන් කළේ.

ජනතාව මෙම අරගලය ආරම්භ කර ඇත්තේ පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් බව පෙන්වා දෙන අනුර දිසානායක, හතිවැටී අරගලය අතරමැද ඉවත්ව යාමට ඔවුන් සූදානම් නොමැති බව අවධාරණය කරයි. රටටත් ජනතාවටත් යහපත් පාලනයක් ස්ථාපිත වනතුරු ජනතාව අරගලයේ නිරත වනු ඇති බව ද ඔහු පවසයි.

අනුර දිසානායක මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (08) මහරගම නගරයේ දී පැවැත්වූ උද්ගෝෂණය අතරතුර අදහස් දක්වමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka