gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැංකු වැඩත් අවුල් වෙයි; රෑට ATM වැඩත් නෑ!

රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් බැංකු කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටළුකාරි තත්වයකට පත්ව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
විදුලිය විසන්ධි කරන කාලය තුළ බැංකු කටයුතු කරගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන නමුත් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බව සංගමයේ ලේකම් රන්ජන් සේනානායක සමතා කියා සිටී.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් බැංකු කටයුතු කර්මණ්‍ය ව ඇති බවද ඒ මහතා සඳහන් කරයි.

රාත්‍රී කාලයේ බැංකු වසා තිබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මක ව තිබිය යුතු වුවත් පවතින ඉන්ධන හිඟය හමුවේ එය අභියෝගයට ලක්ව ඇතැයි ද ඔහු හෙළිකර තිබේ.

මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් විදුලිය විසන්ධි කරන කාලසීමාවේදී ATM යන්ත්‍ර ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඔහු පවසයි.

දැනටමත් ඇතැම් බැංකු රාත්‍රී කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බව වාර්තා වන බවද ඔහු කියා සිටී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka