gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ 113 නැති කරලා උද්දච්ඡ පාලනය ආහෝසි කරනවා… විමල් නුවර දී ශපථ වෙයි!

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන 113 කට එහාගිය බහුතරය නැති කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ   පවසයි.

ඉදිරියේදී රාජපක්ෂවරුන් කිසිවෙකුත් බලයට ගේන්නට කිසිදු කැපකිරීමක් නොකරන බවද ඔහු කියයි.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට අද (24) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්විමින් වීරවංශ  මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු  මෙසේද කීවේය.

මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහනායක හිමිවරුන්ට අද පිළිගන්වලා අපේ ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලාව දැනුවත් කළා.

මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවාද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවාද කියලා අපි දන්නේ නැහැ. සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි. හිටපු අගමැතිවරයෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා එතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා. සර්වපාක්ෂික සමුළුවේදීත් ඔහුට ඕන ගැටුමක්. උද්දදච්ච අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යන්න බැහැ. අපි මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරලා ඔය උද්දච්ච පාලනය අහෝසි කරනවා.

මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගේන්න ජීවිතේට අපේ බලාපොරොත්තුවක් නැහැ. අපි එහෙම කරයි කියලා කවුරුහරි කියනවා නම් ඒ අය අපේ ගමන ගැන බයවෙලයි එහෙම කියන්නේ. අපි මේ රටට ආදරය කරනවා. රට ව්‍යසනයකට පත්කරන පුද්ගලයෙකු සමඟ කටයුතු කරන්න අපි සූදානම් නැහැ. තනතුරු අත්හරින්නේ ඒ නිසයි. මේ රට වෙනත් රටක කොලනියක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ සම්පත් වෙනත් රටකට බිලිදෙනකොට බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.

සජිත් හදන්න ගිය සුරංගනා ලෝකයට වඩා මේ හැදුණු සුරංගනා ලෝකය භයානක කමින් අඩුයි. ඒක හැදුවා නම් මේ රට මෙහෙමවත් ඉතුරු වෙන්නේ නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka