gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට, සරත් ෆොන්සේකාට චෝදනා භාර දෙයි!

හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහට සහ සරත් ෆොන්සේකාට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් චෝදනා භාර දී ඇති බව පැවසෙනවා.

අද රැස්වූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව මේ පිළිබදව පැවසූ බව සමගි ජන බලවේගයේ නීතිඥ තුසිත් විජේගුණවර්ධන කියා සිටියා.

අද උදෑසන 10ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් කරන ලද කාර්‍යයන් පිළිබදව පරීක්ෂාකර තොරතුරු ලබාගෙන පරීක්ෂණ පැවැත්වීම හා විමර්ශනය කර වාර්තා කිරීම සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව රැස්වුණා.

මෙම ජනාධිපති කොමිසමේ මූලික කාර්ය භාරය වනුයේ පසුගිය යහපාලන රජය සමයේ මෙම දූෂණ විරෝධී කමිටුව හරහා විවිධ චෝදනා එල්ල කරමින් දේශපාලන පළිගැනීම් සිදු කළ බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව සවිස්තරාත්මකව සොයා බැලීම යි.

මේ සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම කමිටුවේ නියෝජිතයින් ලෙස ක්‍රියා කළ තවත් පිරිසකට චෝදනා එල්ල වී තිබෙනවා.

අද කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා මෙලෙස චෝදනා එල්ල කෙරුණු 107 දෙනෙකු කැඳවා තිබූණා.

එහි දී මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් වෙනුවෙන් එහි ලේකම් නිසාම් කාරියප්පර් මෙම කොමිසම් හමුවේ පෙනී සිටියා.

මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිසාම් කාරියප්පර් කියා සිටියේ තමන් සිය පක්ෂයේ නායක රවුෆ් හකීම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මෙම කොමිසමට පැමිණි බවයි.

එමෙන්ම ඊයේ පැවැති සර්ව පාක්ෂික සමුළුවට එක් නො වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ පක්ෂයක් ලෙස එම සර්වපාක්ෂික සමුළුව එක් නො වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සමුළුවට එක් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බංකොලොත් වූ දේශපාලඥයකු බවින් ඔහුට එම සමුළුවට රැස්වීම සඳහා කිසිම බාධාවක් නොමැති බවයි.

එලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට එම සර්වපාක්ෂික සමුළුවට යෑමේ හැකියාවක් තිබුණ ද පක්ෂයක් ලෙස තමන්ට එවැනි හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙම කොමිසම් නැවත අප්‍රේල් මස 7 වන දා කැඳවීම්ට නියමිත යි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka